අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයක වගකීම සහ යුතුකම සෑම පුරවැසියකුටම නිවසක් ලබාදීමයි - ජනපති

    අප්‍රේල් 23, 2015
    රජයක වගකීම සහ යුතුකම රටක ජීවත්වන සෑම කෙනෙකුටම මූලික අයිතිවාසිකමක් ලෙස නිවසක් තිබීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    දින සියය නිවාස 50,000 සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ තෝරාගත් ප‍්‍රතිලාභීන් වෙත අඩු පොලී ණය පිරිනැමීම සඳහා හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ‘‘මෙත්සිරිපාය’’ ශාලාවේදී පැවැති ජනහමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර පසුගිය ගංවතුරෙන් විනාශ වූ සුළු වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ගොවි සංවිධාන 467කට රු.100,000 බැගින් වූ ප‍්‍රදානයන් ද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.
     
    ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ ජනතාවගේ ආදායම හා ජීවන තත්ත්වය පිළිබඳව සැලකිල්ලක් දක්වන විට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේ ප‍්‍රමාණය 27% පමණ වන බවයි. 
     
    එදා සමෘද්ධි වැඩසටහන ආරම්භ කළ 1994 දී මේ දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 51% ව තිබුණු බව ද සඳහන් කළ ජනාධිපතිතුමා දැන් අවුරුදු 20කට පසු එය 27%ක් දක්වා අඩුවී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
     
    පසුගිය දශක කිහිපයේ පැමිණි ගමන් මගේ වත්මන් අවස්ථාවට දැන් අප පැමිණ සිටින බවත් මේ වැඩසටහන යටතේ ලැබෙන ප‍්‍රතිලාභ ආර්ථිකය සකස් කර ගැනීමට ඉතා වැදගත් වන අතර එහි සාර්ථකත්වය මැනිය හැකි වන්නේ ඔබ ලබන ආර්ථික හා සමාජ තත්ත්වය තුළ බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    වැඩිදුරටත් ජනාධිපතිතුමා අවධාරණයෙන් සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එක්සත් ජාතික පක්ෂය ද පක්ෂ භේදයෙන් තොරව මූලික වශයෙන් කල්පනා කළ යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම බවය.
     
    තම රජය පත්වී මාස 3ක් පමණ කාලයක් වන අතර තවත් මාසයකින් හෝ දෙකකින් මැතිවරණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඉන්පසු වඩා නිරවුල්ව වැඩ කිරීමට අපට හැකියාව තිබෙන බවත් එතුමා පැවසීය.
     
    රටේ අනාගතය ගොඩනඟන්නටත් ශක්තිමත් කරන්නටත් සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya