අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැති වූ විනය ආරක්ෂා කරන්න,19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා- අමාත්‍ය ජොන් අමරතුංග

    මාර්තු 25, 2015

    John Amaratungaනැති වූ විනය ආරක්ෂා කරන්න,19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව ස්ථාපිත වූ පසු ,ස්වාධීන කොමිෂන් 10ක් පත් කරන්නට හැකි වෙනවා යැයි මහජන සාමය, ආපදා කළමනාකරණ,හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ  (24) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ ගෙන එන යෝජනාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

     

    සිරිකොත මූලස්ථානයට1994 වසරෙන් පසුව අසාධාරනය වීම් පිළිබඳවපළිගැනීම් පිළිබඳව,ගෙවල් ගිනිතැබීම්මිනී මැරීම්රක්ෂාවල් අහිමිවීම්,පැමිණිලි62,000ක් එකතු වී තිබෙනවා.ඉන් 25,000ක් ම රක්ෂා අහිමි වීම් පිළිබඳවයි. මේ සියල්ල පිළිබඳව සෝදිසි කරන්නට කමිටුවකට ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් අනුකමිටුවක් ද මේ පිළිබඳව සොයා බලීමට පත් කොට තිබෙනවා. පසුගිය ඡන්දයෙන් පස්සේ පැමිණිලි තිබුණේ 49යි. 

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ඇවිත් ඇමැතිකම් අරගෙන ජාතික ආණ්ඩු සංකල්පය තහවුරු කරන්න.අපි ආදර භක්තියෙන් ඒ අයව බාර ගත්තා. තව පිරිසක් එන්න බලාගෙන ඉන්නවා.

     

    පසුගිය කාලයේ තිබූ සුදු වෑන්,අතුරුදහන් වීම්අපි ඒ සියල්ල සොයාගෙන යනවා.ද්‍රවිඩ මන්ත්‍රීවරු මාරාදැමීම් ගැන අපි සොයාගෙන යනවා. හරියටම විමර්ශනය කරලා අපි ඒ අයව අත් අඩංගුවට ගන්නවා. සන්ඩෙ ලීඩර් ජනමාධ්‍යවේදියා මරාදැම්මේ කවුද? කාගේ කීමට ද? කියලා,දැන් හොයාගෙන යනවා.

     

    අද මෙවැනි දේවල් වෙනවාද?මෙවැනි තත්ත්වයන් ඇති වීමට ප්‍රධාන හේතුව17 සංශෝධනය නැති එකයි. පසුගිය ආණ්ඩුව 18 වැනි සංශෝධනය ගෙනැල්ලා අර ස්වාධීනත්වය සම්පූර්නයෙන් ම විනාශ කළා. අපි නැවතවරක් නැති වූ විනය ආරක්ෂා කරන්න,19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. මෙය ස්ථාපිත වුණාම,ස්වාධීන කොමිෂන් 10ක් පත් කරන්නට හැකි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    නීතිය හා පරිපාලනය රජයේ සෑම ක්ෂේත්‍රයක් තුළම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක කිරීම යහපාලනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවත් පසුගිය කාලයේ දේශපාලන හේතු මත මාරුවීම්,සේවයෙන් පහ කිරීම් හා විවිධ අකටයුතුකම් සිදු වී ඇතැයි ද  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya