මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධානයේ කටුනායක ජන රැලිය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 24, 2014

    දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරන ලද විජයග්‍රාහී ජන රැලි මාලාවේ තවත් විජයග්‍රාහී ජන රැලියක් ඊයේ (23) පස්වරුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.



    ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අති විශාල ජනකායක් විජයග්‍රාහී ජන රැලියට එක්ව සිටි අතර එම ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ෆීලික්ස් පෙරේරා, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මර්වින් සිල්වා, ප්‍රියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya