අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය දීම සඳහා ඡන්ද පොළේදී අනන්‍යතාව සනාථ කිරීම අනිවාර්ය වේ

    මාර්තු 24, 2014

    ඡන්ද පොළේදී අනන්‍යතාව සනාථ කිරීම සඳහා සෑම ඡන්ද හිමියකු විසින් ම වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ අනුව සිය අනන්‍යතාවය සහතික කිරීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාම හැඳුනුම්පත, පූජ්‍ය/ පූජක හැඳුනුම්පත (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද), තාවකාලික හැඳුනුම්පත (මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද) යන හැඳුනුම්පත් අතරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්දපොළෙන් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු නොලැබේ.

    අපැහැදිලි හැඳුනුම්පත්, (ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි නම් හෝ නම කියවිය නොහැකි ලෙස මැකී ඇත්නම්), අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මගින් නිකුත්කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදී ඡායාරූප සහිත හෝ රහිත වෙනත් කිසිම ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගනු නොලබන බවද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

    ඡන්ද පොළට ඇතුළුවීමට නීතියෙන් අවසර ඇත්තේ ඡන්ද හිමියන්, ඡන්ද පොළ කාර්යමණ්ඩලය, තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්, අපේක්ෂකයින්, ඡන්ද පොළ නියෝජිතයින් සහ නිරීක්ෂකයින්, ඡන්ද පොළ රාජකාරියෙහි නියුක්ත පොලිස් නිලධාරීන්, තේරීම්භාර නිලධාරිගේ අවසරය ඇති වෙනත් පුද්ගලයින් ට පමණක් වේ.ඡන්ද පොළ භූමිය තුළ ජංගම දූරකතන භාවිත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් වන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya