මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අමාත්‍ය යුරෝපයේ නිල සංචාරයක Featured

    ජනවාරි 26, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නිල සංචාරයක් සඳහා අද (24) යුරෝපය බලා පිටත් විය. අමාත්‍යවරයා පළමුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට (Brussels, Belgium) ළඟා වීමට නියමිතය.

    මෙම සංචාරයේ දී අමාත්‍යවරයා යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවෙන් මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයන කිරීම පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතය.

     

    යුරෝපා සංගමයේ රටවල් ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය තොග මිලට ගැනීම පසුගිය 15 වන දින සිට අත්හිටුවනු ලැබුණි. ශ්‍රී ලංකාව නීති විරෝධී ආකාරයෙන් සිදුකරන ධීවර කටයුතු වලට විරෝධය පළකිරීමක් ලෙස හා ඊට ලබාදෙන දඩුවමක් ලෙස මෙම පියවර ගත් බව යුරෝපා සංගමය පවසයි. එම තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

     

    ශ්‍රී ලංකාවේ යුරෝපයට මාළු අපනයනය කරන දෙවන ප්‍රධාන සැපයුම්කරුවා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya