අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රහස් පොලිසිය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරයි Featured

    ජනවාරි 24, 2015
    2015 - ජනපති මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ දී අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය පිළිබඳ ව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කර තිබේ. 
     
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 
     
    මෙම සිද්ධිය පිළිබඳ ව පරික්ෂණයක් පවත්වන ලෙසට විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන ලදී.
     
    මෙයට පෙර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya