අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර නිසා දිවයිනේ 288085ක් ආපදාවට ලක් වෙති Featured

    දෙසැම්බර් 21, 2014

    දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් පවුල් 78,527ක සාමාජික සාමාජිකාවන් 288,085 දෙනෙකු අද (21) පස්වරු 6.00 වනවිට ආපදාවලට ලක් ව ඇතැයි ද ඉන් 245,384ක් ම නැඟෙනහිර පළාතෙන් ආපදාවට පත් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

     

    උතුරු, මධ්‍යම, වයඹ, නැඟෙනහිර, උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැත. නිවාස 1004ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 4010කට අර්ධ හානි සිදු ව තිබේ. අද පස්වරු 6.00 වනවිට ආරක්ෂිත ස්ථාන 154ක පවුල් 6537ක 22369 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.

     

    ජලයෙන් යටවීම නිසා නිවාසවලින් ඉවත්කළ ජනතාව ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ.

     

    උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 472ක 1591 දෙනෙක් ද මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 58ක 183 දෙනෙක් ද ඇතුළුව පවුල් 530ක 1774 දෙනෙක් අවතැන් ව සිටිති.


    මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 76ක 261දෙනෙක් ද විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20ක 77 දෙනෙක් ද ඇතුළුව පවුල් 96ක 338 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 137ක 498 දෙනෙක් ද ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 145ක 466 දෙනෙක් ද අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 14ක 38 දෙනෙක් ද ඇතුළුව පවුල් 296ක 1002 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 475ක 900 දෙනෙක් ද නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 189ක 624 දෙනෙක් ද පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 330ක 1360 දෙනෙක් ද කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 46ක 113 දෙනෙක් ද කළුවරගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 177ක 456 දෙනෙක් ද වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 85ක 173 දෙනෙක් ද ඇතුළුව පවුල් 1302ක 3626 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    වයඹ පළාතේ ආපදාවට ලක් ව ඇති පවුල් ගණන 1598ක් වන අතර එහි පුද්ගලයින් 4628ක් වෙති.

     

    නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 560ක 2165 දෙනෙක් ද තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 95ක 296 දෙනෙක් ද සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 35ක 118 දෙනෙක් ද කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 381ක 1279 දෙනෙක් ද මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 35ක 105 දෙනෙක් ද කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 38ක 139 දෙනෙක් ද වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 49ක 149 දෙනෙක් ද ඇතුළුව පවුල් 1193ක 4251 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා කෝරළේ පත්තුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7125ක 23910 දෙනෙක් ද කෝරළේ පත්තුව බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 640ක 2044 දෙනෙක් ද කෝරළේ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6744ක 22753 දෙනෙක් ද කෝරළේ පත්තුව මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5905ක 23254 දෙනෙක් ද කෝරළේ පත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4257ක 16223 දෙනෙක් ද එරාවුර් පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10100ක 35753 දෙනෙක් ද එරාවුර් පත්තුව නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9058ක 31442 දෙනෙක් ද මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12ක 45 දෙනෙක් ද මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7096ක 30935 දෙනෙක් ද  මන්මුනෙයි පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 359ක 1321 දෙනෙක් ද මන්මුනෙයි නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1219ක 5611 දෙනෙක් ද මන්මුනෙයි ගිනිකොන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3765ක 13722 දෙනෙක් ද පෝරතිව් පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 211ක 585 දෙනෙක් ද කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8493ක 34075 දෙනෙක් ද ඇතුළුව පවුල් 64984ක 241133 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    නැඟෙනහිර පළාතේ ආපදාවට ලක් ව ඇති පවුල් ගණන 66177ක් වන අතර එහි පුද්ගලයින් 245384ක් වෙති.

     

    උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 500ක 1560 දෙනෙක් ද ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1477ක 6089 දෙනෙක් ද මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 414ක 1858 දෙනෙක් ද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 582ක 2203 දෙනෙක් ද ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 42ක 161 දෙනෙක් ද ඇතුළුව පවුල් 3902ක 15077 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 277ක 866 දෙනෙක් ද රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 172ක 648 දෙනෙක් ද නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1793ක 6032 දෙනෙක් ද නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 640ක 2268 දෙනෙක් ද හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 151ක 495 දෙනෙක් ද තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 142ක 361 දෙනෙක් ද තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 394ක 1279 දෙනෙක් ද ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 465ක 1559 දෙනෙක් ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 215ක 585 දෙනෙක් ද පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 68ක 125 දෙනෙක් ද පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 184ක 590 දෙනෙක් ද නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 555ක 1831 දෙනෙක් ද මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 39ක 130 දෙනෙක් ද කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 409ක 1566 දෙනෙක් ද කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 363ක 1291 දෙනෙක් ද මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7ක 26 දෙනෙක් ද මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක 187 දෙනෙක් ද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 277ක 1045 දෙනෙක් ද ඇතුළුව පවුල් 6224ක 20884 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු මැද පළාතේ ආපදාවට ලක් ව ඇති පවුල් ගණන 10126ක් වන අතර එහි පුද්ගලයින් 35961ක් වෙති.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya