මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජනපති කළ යෝජනාවක් අනුව “ලෝක තරුණ නිපුණතා දිනය“ නම් කෙරේ Featured

    දෙසැම්බර් 21, 2014

    ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කරන ලද යෝජනාවක් අනුව සෑම වසරක ම ජූලි 15 වැනි දිනය ‘‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘ ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

    ලොව තරුණ තරුණියන්ට විරැකියාව දුරු කිරීමේ උපාය මාර්ගයක් ලෙස යහපත් සමාජ හා ආර්ථික තත්ත්වයක් අත්පත් කර ගැනීම මෙවන් දිනයක් නම් කිරීමේ අරමුණයි.

     

    2013 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වෙනි මන්ත්‍රණ සභාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

     

    2014 වසරේ මැයි මාසයේ දී කොළඹ දී පැවැත්වුණු ලෝක තරුණ සම්මේලනයේ දී රටරටවල තරුණ නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු මැතිඇමතිවරු විසින් මෙම යෝජනාව අනුමත කරන ලදහ. මීට රටවල් 134ක එකඟත්වය හිමිවීම ද සුවිශේෂී වේ.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya