මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත කාලගුණ තත්ත්වය අද තාවකාලිකව අඩුවෙයි Featured

    දෙසැම්බර් 21, 2014

    පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (21) දිනයේ දී තාවකාලිකව අඩුවනු ඇති බවත් කෙසේ නමුත් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මහනුවරට නුවරඑළියට විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත කාලගුණයක් පවතී.

    අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 34.6ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 32.7ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද‍ මි.මී. 142.2ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 3.7ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 15.8ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද  මි.මී. 19.7ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 26.1ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 9.2ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 23.2ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 2.6ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C ගාල්ල සහ රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.4°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 221.2ක උපරිම වර්ෂාපතනය ගලෙන්බිඳුණු වැව හුරුළුවැව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya