මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 80 දක්වා ඉහළට

    දෙසැම්බර් 20, 2014

    අද (20) දිවයිනට දකුණින් සහ නැගෙනහිරින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 80ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.


    කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම සහ මීගමුව හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya