අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015ට පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් බෙදාදීමේ මහෝත්සවය දෙසැ: 2

    නොවැම්බර් 28, 2014

    2015 වර්ෂය සඳහා පාසල් සිසුන් වෙනුවෙන් නොමිලේ පාසල් නිල ඇඳුම් බෙදාදීමේ ජාතික මහෝත්සවය දෙසැම්බර් 02 වැනි දින කොළඹ 10, ආනන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.

    හතළිස් ලක්ෂයක් පමණ වන සියලු රජයේ පාසල් සිසුන් සඳහා 2015 වර්ෂයෙන් නිල ඇදුම් බෙදාදීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 2383ක් පමණ වැය කර තිබෙන අතර සිසු සිසුවියන්ගේ ගවුම්, කමිස හා කලිසම්, මුස්ලිම් සිසුවියන් සඳහා වන ෆර්දා යන කාණ්ඩ යටතේ රෙදි මීටර් මිලියන 11.2ක් පමණ බෙදාදීම සිදු වේ.

     

    මෙම ජාතික මහෝත්සවයට සමගාමීව දිවයිනේ සියලු ම පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya