අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන අක්ෂර ප්‍රදර්ශනයක් දෙසැ: 04

    නොවැම්බර් 28, 2014

    චීන අක්ෂර ප්‍රදර්ශනයක් දෙසැම්බර් 04 වෙනිදා පෙ.ව. 09.30 සිට ප.ව. 01.30 දක්වා කොළඹ 7, හෝර්ටන් පෙදෙස, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේ දී  පැවැත්වේ.

     

    ශ්‍රී ලංකා - චීන සංගමය (SLCS) විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය චීන රජයේ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජාතික සංගමයට (Chinese People’s Association for Friendship with Foreign Countries (CPAFFC)) 60 වසරක සංවත්සරය සැමරීම නිමිත්තෙන් බෙයිජිං නුවර පැවති චීන අක්ෂර ප්‍රදර්ශනය හා සහයෝගයෙන් සිදු කෙරේ.

     

    චීන රජය විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජාතික සංගමය (CPAFFC) හා එක්ව මෙවැනි ප්‍රදර්ශන ලෝකය පුරා පවත්වනු ලබයි.

     

    මෙම ප්‍රදර්ශනය සඳහා විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජාතික සංගමයේ සාමාජිකයින් 16ක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

     

    ලේඛන විද්‍යාව හදාරන්නන් හා අක්ෂර කලාව සම්බන්ධ රුචිකත්වයක් දක්වන ඕනෑ ම පුද්ගලයෙකුට මෙම ප්‍රදර්ශනය විවෘතය. “ශ්‍රී ලංකා-චීන සංස්කෘතික සබඳතා - ප්‍රසිද්ධ සේද මාවතේ බලපෑම“ මැයෙන් එදින පැවැත්වීමට නියමිත දේශනය සඳහා ද සහභාගීවීමට මහජනතාවට හැකියාව ඇත.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya