මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මලයාසියානු ආරක්ෂක සේනා ප්‍රධානී යුද හමුදාපති හමුවේ Featured

    නොවැම්බර් 28, 2014
    මලයාසියානු ආරක්ෂක සේනා ප්‍රධානී ජනරාල් Zulkifeli Bin Mohd Zin මහතා ඊයේ (27) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
     
    Zulkifeliමහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දකුණු ආසියානු හා ගිනිකොන දිග ආසියානු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ආරාධනයක් අනුව මෙරටට පැමිණ ඇත.
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ආරාධනයක් අනුව Zulkifeli මහතා දී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාලයේ විසිර යාමේ උත්සවයට ද සහභගි වීමට නියමිතය.
     
    Zulkifeli මහතා යුද හමුදා මුලස්ථානය වෙත පැමිණීම නිමිත්තෙන් ඒ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ආචාර පෙළපාළියක් ද පැවැත්විය.
     
    මෙහිදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.
     
    මෙහිදී මලයාසියානු ආරක්ෂක ප්‍රධානීවරයා අමුත්තන්ගේ පැමිණීමේ පොතෙහි ද අත්සන් තැබූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිහිවටන තිළිණ හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya