අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප මහලේකම් ධුරයට අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා

    නොවැම්බර් 22, 2014

    ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයට අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පත් කර තිබේ.

    ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් හා නීතිඥවරයෙකු වන යාපා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අතර වත්මන් රජයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ද වේ.


    ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වු අවස්ථාවේදි මේ තීරණය ගෙන තිබෙන අතර ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැරගිය අය ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ද තීරණය කර ඇත.

     

    මේ අතර නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හා පොලොන්නරුව මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රීලනිප‍ සංවිධායකවරයා වශයෙන් ද පත් කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya