අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු අර්ධ නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඇරඹේ

    නොවැම්බර් 22, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පුරා තිස් වසරක් තිස්සේ රටේ පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා සිය දිවි හිමියෙන් සටන් කරන ලද රණ විරුවන් හා ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වැඩ අවසන් කර ගත නොහැකි ව පවතින අර්ධ නිවාසයන් උපරිම සීමාවකට යටත්ව සම්පූර්ණ කර දීම සඳහා වූ නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ තෝරාගන්නා රණ විරුවන්හට එම ලිපි භාරදීම ඊයේ (21) ආරක්ෂක සේවා විද්‍යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
     
    මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් රණ විරුවන් සඳහා ඔවුන් විසින් ඉදිකරමින් පවතින නිවාස තම පවුලේ සාමාජිකයන් සමග සතුටින් කල් ගත කිරීමට අවශ්‍ය වන පරිදි වැඩ අවසන් කර ගැනීමට උපරිම වශයෙන් ලක්ෂ 7 1/2 (හත හමාරකට) යටත්ව අවශ්‍ය ඉංජිනේරු ද්‍රව්‍යයන් ලබාදීම සිදු කෙරේ. සම්පූර්ණ වශයෙන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත සිදු කරන මෙම ව්‍යාපෘතිය ත්‍රිවිධ හමුදාවන්හි සම්බන්ධීකරණය හා සුපරීක්ෂණයෙන් ද රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියවට නංවා ඇත.
     
    රජයේ අයවැය ප්‍රතිපාදන තුළින් වෙන් කරන ලද රුපියල් මිලියන 1000 ක් මේ සඳහා යොදවා ඇති අතර මෙම වර්ෂයේ දී මෙන් ම ලබන වසරේ ද වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් මෙසේ අදියරෙන් අදියර තෝරා ගනු ලබන රණවිරුවන් 2000 කට අධික පිරිසකගේ නිවාස සිහිනය මෙමගින් යථාර්ථයක් බවට පත්වනු ඇත.
     
    මේ අනුව අද පැවති උත්සවයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ 296 දෙනෙකු ද, නාවික හමුදාවේ 47 දෙනෙකු හා ගුවන් හමුදාවේ 27 දෙනෙකු සඳහා එකී ලිපි භාරදීම ආරක්ෂක ලේකම්තුමා අතින් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසුරිය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක හමුදාවන්හි සේවා වනිතා ඒකකවල සභාපතිනියන් හා සුභසාධක නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් හා තෝරා ගනු ලැබූ රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකවරු ද සහභාගී වූහ.
     
    DB/MOD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya