අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලී මීටර් 100කට වඩා තද වැසි Featured

    නොවැම්බර් 22, 2014

    අද (22) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇතිවීමටද ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ පස්වරු 5.30 වන විට මි.මී. 5.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 12.6ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 12.3ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 58.4ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 21.9ක වර්ෂාපතනයක්  කටුගස්තොටින් ද මි.මී. 9.4ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 19.3ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද  මි.මී. 59.4ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 20.5ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 5.0ක වර්ෂාපතනයක් මත්තලින් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.3°C රත්මලාන ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1°C නුවරඑළියෙන් ද මි.මී. 121.3ක උපරිම වර්ෂාපතනය කන්තලේ වැව ආශ්‍රිත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya