Print this page

වයඹ, උතුර සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට වැසි

නොවැම්බර් 14, 2014

අද (14) වයඹ, උතුර සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  


HC