අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයක් දොරට වඩී

    අප්‍රේල් 21, 2014


    කලාකීර්ති, කලාභූෂණ සම්මානලාභී, ප්‍රවීණ ඉංග්‍රීසි ගුරු උපදේශක බුද්ධදාස හේවගේ මහතා විසින් සම්පාදනය කරනු ලැබූ නවතම සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය ඒ මහතා අතින් බත්තරමුල්ල, සෙත්සිරිපාය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙත පසුගියදා  පිළිගැන්වීය.

    සිංහල වචන හැත්තෑ හය දහසකට සමාන තේරුම් ඇති ඉංග්‍රීසි වචන එක් ලක්ෂ දොළොස් දහස් පන්සියයක් ඇතුළත් නාමපද, නාම විශේෂණ, ක්‍රියාපද, ක්‍රියා විශේෂණ සහ විශේෂ යෙදුම් පරිච්ඡේද වශයෙන් වෙන් වෙන්ව දක්වා ඇති ශ්‍රී ලංකාවේ මෙතෙක් පළවූ අංග සම්පූර්ණ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය මෙය බව බුද්ධදාස හේවගේ මහතා පවසයි.


    නව ලෝකය ජයගන්නට ඉංග්‍රීසි භාෂා දැනුම අත්‍යවශ්‍ය යුගයක විශේෂයෙන් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා මෙම නව ශබ්දකෝෂය මනා පිටිවහලක් වන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එහි දී පැවසීය. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya