අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (24) දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සමහර ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට කොළඹට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 23.2ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 13.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 8.5ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 7.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C

    නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.2°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.3°C නුවරඑළියෙන් ද මි.මී. 209.5ක උපරිම වර්ෂාපතනය බලංගොඩ, සමනළ වැව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya