මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ආරක්ෂක ඇමති හා ආරක්ෂක ලේකම් අතර හමුවක්

    ඔක්තෝබර් 22, 2014
    ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ ආරක්ෂක ඇමති අරූන් ජෙයිට්ලි මහතා අතර හමුවක් ඉකුත් සඳුදා (20) සිදුවිය.
     
    මෙම හමුව අරූන් ජෙයිට්ලි මහතාගේ කාර්යාලයේ දි සිදු වූ අතර එහිදී දෙරටේ ආරක්ෂක කරුණු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර මෙම හමුවට ඉන්දීය ආරක්ෂක ලේකම් ආර්.කේ. 
    මතූර් මහතා ද සහභාගී වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    අරූන් ජෙයිට්ලි මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනමන ලදී.
     
    දෙරට අතර ආරක්ෂක සබඳතා නව මාවතකට ගෙන එමින් මෑතකදී දෙරටේ ආරක්ෂක ගනුදෙනු ද තරකර ගැනීමට කටයුතු කෙරුණි. 
     
    ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් පසුගිය දා මහනුවර ජනාධිපති මන්දිරයේදි ද සිදු විය.
     
    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya