අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල සහ රත්නපුරට නාය යෑමේ අනතුරු ඇඟවීම්

    ඔක්තෝබර් 22, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.


    එහි ජ්‍යේෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය එච්.ඒ.ජී. ජයතිස්ස මහතා විසින් අද (22) පස්වරු 6.00 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කරන ලද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව පහත ප්‍රදේශවල කඳු බෑවුම් හෝ වෙනත් අංග විශේෂ අවධානය යොමුකළ යුතු වේ.


    බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග. හපුතලේ බෙරගල මාර්ගය.


    රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya