අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට අතිරේක බස් සේවාවන් ඇරඹෙයි

    අප්‍රේල් 15, 2014

    අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගොස් නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (15) සිට අතිරේක බස්රථ සේවා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

     

    ලබන 19 සහ 20 දෙදින ද විශේෂ අවධානයක් යොමු කරමින් අතිරේක බස්රථ යෙදවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පිටපළාත්වල සිට කොළඹ බලා ධාවනය වන බස්රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට පියවර ගෙන ඇත.

     

    මීට අමතරව දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ද යොදවා ඇති බස්රථ සහ ගමන්වාර සංඛ්‍යාව ඉහළ දමා ඇතැයි ශ්‍රීලංගම සඳහන් කළේය.

     

    එසේම පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සම්මේලනය කියා සිටියේ පෞද්ගලික බස්රථ ගමන්වාර සංඛ්‍යාව ද අද සිට වැඩි කර මගී පහසුව සඳහා අතිරේක බස් ධාවනයට එක් කර ඇති බවයි.


    නියමිත ගාස්තුවලට වඩා වැඩි ගාස්තු අය කරන බස් රථ පිළිබඳ ජාතික ගමනාගමන කොමිසම් සභාවට දැනුම් දෙන ලෙසද ලංගම සභාපතිවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

     

    දූරකතන අංක 011-2595555 හෝ 1955 මඟින් ජාතික ගමනාගමන කොමිසම සභාව වෙත එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකිවේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya