අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ට අදත් විශේෂ අවස්ථාවක්

    අප්‍රේල් 14, 2014
    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් හමුවීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර එම අවස්ථාව ඊයේ (13) දිනයේ දී මෙන්ම අද (14) දිනයේ දී ද ක්‍රියාත්මක වේ.
     
    ඒ අනුව සියලුම බන්ධනාගාරවල සිටින රැඳවියන්ට එම දින දෙක තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00දක්වා ඥාතීන් හමුවීමේ අවස්ථාව හිමි වන අතර රැඳවියන් සඳහා ආහාර පාන රැගෙන ඒමේ අවස්ථාවද හිමි වේ. 
     
    බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට මසකට එක් අවස්ථාවක් පමණක් හිමි වන අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම විශේෂ අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya