අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධරශ්මී ජාතික වෙසක් මංගල්‍ය මෙවරත් අති උත්කර්ෂවත්ව Featured

    අප්‍රේල් 13, 2014
    ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගංගාරාමය සහ අරලියගහ මන්දිරය ආශ්‍රිතව කෙරෙන 2014 ජාතික වෙසක් මංගල්‍ය විවිධාංග රැසකින් යුතු බෞද්ධ නිර්මාණයන් රැසක් එළිදැක්වෙන, වැඩිම මහජන සහභාගිත්වයක් ඇති වෙසක් කලාපයක් ලෙසින් අටවැනි වරටත් සංවිධානය කෙරේ.

     

    වෙසක් මස 15, 16,17,18 සහ 19 යන දිනවල දී මේ වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙසක් පහන් කූඩු සහ වෙසක් නිර්මාණ පැවැත්වේ.


    වෙසක් පුර පසළොස්වක දින පෙ.ව. 6.00 සිට සවස 6.00 දක්වා සිල් සමාදන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, රැසක්ම ස්වාධීන රූපවාහිනිය සහ ලක් හඬ ගුවන් විදුලිය මගින් විකාශය කෙරේ.

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දර්ශනීය තොරණ තුනක්, බෞද්ධ සිරිත් විරිත්, බෞද්ධ සිද්ධස්ථාන හා ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය දැක්වෙන ඡායාරුප හා බෞද්ධ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන බේරේ වැවේ ඉදි වූ වේදිකාවක රාත්‍රී 7.00 සිට 12.00 දක්වා ඉදිරිපත් කෙරෙන භක්ති ගීත ගායනා, ළමයින් සඳහා වූ වෙසක් වැඩසටහන මෙම වෙසක් කලාපයේ සුවිශේෂි වූ අංග අතර වේ.

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික තරුණ සේවා සභාව, සංස්කෘතික අමාත්‍යාංශය  විසින් නාට්‍ය සහ විශේෂ නර්තන පවත්වනු ලබයි. 


    බුද්ධ රශ්මී වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු ම දෙනා වෙත ශාස්ත්‍රීය ධර්ම සංග්‍රහයක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya