අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල මඟින්මයි

    සැප්තැම්බර් 29, 2014

    මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ යුතු නම් ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා මඟින් අභියාචනාවක් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.


    විභාග ප්‍රතිඵල පෙරේදා (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් අතර www.donets.lk අන්තර්ජාල වෙබ් අඩවියට පිවිස නිවැරදි ලෙස විභාග අංකය සටහන් කිරීමෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 1911 ඇමතීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

    මෙවර විභාගය සඳහා පාසල් සිසුන් 327648ක් පෙනී සිටියහ.

    පළාත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට පාසල් විභාග ශාඛාවට පැමිණ ලබා ගත හැකි අතර සියලු පාසල් සඳහා අදාළ ප්‍රතිඵල ලේඛන ඊයේ (28) තැපැල් කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණු 163 වේ. හම්බන්තොට, අනුරාධපුර, පොලොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 161ක් ද ත්‍රීකුණාමලය අම්පාර, පුත්තලම, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 160ක් ලෙස ද මන්නාරම, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 159ක් ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.‍‍‍

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 159කි. යාපනය, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය මොනරාගල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 158ක් ලෙස ද නුවරඑළිය, කිළිනොච්චිය මන්නාරම, මුලතිව්, පොලොන්නරුව, රත්නපුර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 157ක් ලෙස සඳහන් වේ. පුත්තලම, බදුල්ල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 156ක් වන අතර හම්බන්තොට, අනුරාධපුර දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 155ක් ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya