අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවලට රාත්‍රී කාලයේ වැසි

    අප්‍රේල් 12, 2014

    අද (12) දිවයිනට බස්නාහිර, වයඹ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක.


    සුළං බස්නාහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya