අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් බක්මහ උළෙලක්

    අප්‍රේල් 11, 2014


    දිවයිනපුරා විසිර සිටින මහජන බැංකුවේ කාර්යමණ්ඩලයේ හා එහි පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දෙවන වරටත් පවත්වනු ලැබූ මහජන බැංකු බක්මහ උළෙල පසුගියදා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    මහජන බැංකුවේ කාර්යමණ්ඩලය තුළ සුහදතාව, අන්‍යෝන්‍ය අවබෝධය හා සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙම බක් මහ උළෙල සංවිධානය කර තිබුණි.බැංකු කාර්යමණ්ඩලය හා ඔවුන්ගේ දූදරුවන් වෙනුවෙන් ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් මෙදින දවසපුරා පැවැත්විණි.

    මහජන බැංකු සභාපති ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම බක්මහ උළෙලට විශේෂ ආරාධිතයින්, මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් ඇතුළු ආයතනික විධායක කාර්යමණ්ඩලය සහ සියලු ම ප්‍රාදේශිකයන් නියෝජනය කරමින් බැංකු කාර්යමණ්ඩලයේ සාමාජිකවරු ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya