අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගයේ මාර්ග බලපත්‍ කැබිනට් මණ්ඩලයේ අනුමත ක්‍රමවේදයටයි

    සැප්තැම්බර් 16, 2014

    දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මාර්ග බලපත්‍ර ලබාදෙනුයේ කැබිනට් මණ්ඩලය මගින් අනුමත ක්‍රමවේදයට අනුව පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා අවධාරණය කරයි. 

    එසේ නොමැති ව බාහිර පුද්ගලයින්ට අයුතු ලෙස බලපත්‍ර ලබාදීමක් කිසිදු ආකාරයකින් වත් සිදු නොකරන බවත්, බලපත්‍ර ලබාදීමේදී මාතර - කොළඹ මාර්ගයේ බලපත්‍රලාභීන් අතුරින් පමණක් අධිවේගී මාර්ගය සඳහා  තෝරා ගැනීම සිදු කෙරෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

    යම් යම් බස් සංගම්වල නායකයින් කියන පරිදි ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කිසිසේත් කටයුතු නොකරන අතර කාලයක් තිස්සේ විවිධ බස් සංගම් විසින් මගියා හා බස් හිමියන් රවටමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කර ගෙන යන්නා වූ පක්ෂ දේශපාලන ක්‍රියාවලිය පිටුදකින අතර, මාර්ග බලපත්‍ර හිමි ධාවකයින්ගේ බලපත්‍ර කළමනාකරණය කරමින් මගී ජනතාවගේ අවශ්‍යතාවන් අනුව සාධාරණ හා නිවැරදි ක්‍රමවේදයන්ට අනුකූල ව පමණක් බලපත්‍ර ලබාදෙමින් පොදු බස් රථ සේවාව විධිමත් කිරීමට තමා ක්‍රියා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya