අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති අද දිවයිනට Featured

    සැප්තැම්බර් 16, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයකට අනුව චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් (Xi Jinpin) මැතිතුමා දෙ දින නිල සංචාරයක් සඳහා අද (16) පෙ.ව. 11.50ට දිවයිනට ළඟා වීමට නියමිතය.

    2013 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ චීන සංචාරයේ දී දෙරට නායකයෝ අතර ක්‍රමෝපාය සහයෝගීතා සබඳතාවකට එකඟ වූහ.

    වසර 28කට පසුව චීන ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇත.

     

    මීට අමතරව චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.


    මෙම සංචාරයේ දී දෙරට අතර ද්විපාර්ශ්වික එකඟතා හා අවබෝධතා ගිවිසුම් 24ක් අත්සන් තැබීමට නියමිතය.

     

    විශේෂයෙන් නොරොච්චෝල විදුලිබලාගාරයේ තුන්වන අදියර විවෘත කිරීම සහ අලුතින් ඉදිකිරීමට නියමිත වරාය නගරයට ද මුල්ගල තැබීම ද චීන ජනාධිපතිවරයා අතින් සිදු කෙරෙනු ඇත.


    මෙම සංචාරයට ජනපති ජින්පින් මැතිතුමා සමඟ ආර්යා පෙන්ග් ලියුආන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් සහභාගී වීමට නියමිතය.


    මෙම සංචාරය චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ඉවහල් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya