අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පැ.කි.මී. 50-60 දක්වා තද සුළං Featured

    සැප්තැම්බර් 16, 2014

    අද (16) දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර  බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැ. කි. මී. 50-60 දක්වා තරමක තද සුළං ඇති විය  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරයට විටින් විට වැසි ද ගාල්ල සහ කොළඹට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ද ඇති වේ.


    අනුරාධපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    යාපනයට ත්‍රිකුණාමලයට හා මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    මන්නාරමට හා ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 11.5ක් වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 14.4ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද‍  මි.මී. 9.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද‍  වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.7°C පොලොන්නරුව සහ පොතුවිල් ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8°C නුවරඑළියෙන් ද මි.මී. 82.5ක උපරිම වර්ෂාපතනය නෝර්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya