අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් කොළඹ මැනිං වෙළෙඳපොළේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 15, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) කොළඹ මැනිං වෙළෙඳපොළෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදිණි. 


    එහි වෙළෙඳාමේ යෙදී සිටින තොග හා සිල්ලර වෙළෙඳුන්ගේ කඩිනම් අවශ්‍යතා සොයා බලා ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

     

    අතීතයේදී කොළඹ නගරයේ ප්‍රධාන සීනි ගබඩාව ලෙස පාවිච්චි කරන ලද මෙම ස්ථානය 1981 වසරේදී එළවළු හා පලතුරු තොග වෙළෙඳ මධ්‍යස්ථානය බවට පරිවර්තනය වූ අතර ඉතා කුඩා බිම්කඩක මෙය පිහිටා ඇත. මෙම මැනිං වෙළෙඳපොළ වෙළෙඳසැල් 1092කින් හා එකී වෙළෙඳසැල්වලින් පිටත විවෘත වෙළෙඳ ස්ථාන 67කින් සමන්විත වේ. මෙය ශීඝ්‍රයෙන් දියුණුවන නගරයක ඇති අවශ්‍යතාවට කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ.

     

    දිනපතා දහස් සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන හා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට එළවළු හා පලතුරු ගෙන එනු ලබන ලොරි 120කට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ නවත්වන නිසා ඒ සඳහා ඇති යටිතල පහසුකම් ද අවම මට්ටමක පවතී. මේ සඳහා රජය විසින් කරනු ලබන ප්‍රතිකර්මයක් ලෙස මෙම වෙළෙඳපොළ ඉදිරියේදී පෑලියගොඩ ප්‍රදේශයට ගෙන යාම සඳහා අවශ්‍ය සැලසුම් සූදානම් කරමින් පවතී. එතෙක් මෙම ස්ථානයේ සිය වෙළෙඳ කටයුතුවල නිරත වී සිටින සිටින වෙළෙඳුන්ගේ කඩිනම් අවශ්‍යතාවන් සොයා බැලීමට ලේකම්වරයා කටයුතු කෙරිණි.

     

    මැනිං වෙළෙඳපොළෙහි ඇති වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා ඒවායේ හා විවෘත ස්ථානයන්හි ව්‍යාපාරවල යෙදී සිටි තොග වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් මුහුණපාන ප්‍රශ්න පිළිබඳ ව ඔවුන් සමඟ සාකච්ඡා කළේය. මෙහිදී නිවාස නොමැති ව සිටි වෙළෙඳුන් දෙදෙනෙකු ආරක්ෂක ලේකම්වරයාගේ නෙත ගැටුණ අතර ඔවුන්ගෙන් ඒ පිළිබඳ විස්තර විමසා ඔවුන්ට කොළඹ ප්‍රදේශයෙන් නිවාස ලබාදීමට කටයුතු කරන ලෙස ඒ සමඟ සිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

     

    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන හා මැනිං වෙළෙඳසැල් සංගමයේ නිලධාරීහු ද ආරක්ෂක ලේකම්වරයා සමඟ එක් වූහ.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya