මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 360ක් වටිනා මත්කුඩු ජාවාරමේ සැකකරු වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පෙනී සිටියි Featured

    අප්‍රේල් 10, 2014
    මෑතකදී ශ‍්‍රී ලංකාවට නීතිවිරෝධීව ගෙන් වූ අවස්ථාවේ දී රේගුව විසින් සොයාගන්නා ලද මත්කුඩු කි.ග‍්‍රෑ. 36ට අදාළ ව ඍජුවම සම්බන්ධ යැයි සැක කරමින් අත්අඩංගුවට ගනු ලැබූ කැනේඩියානු ජාතිකයා තම රටේ රහසිගත ඒජන්තවරයෙක් යැයි බි‍්‍රතාන්‍ය පවසා ඇත.
     
    පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දී නීතිවිරෝධී ලෙස මෙරටට මත්කුඩු කි.ග‍්‍රෑ. 36ක් වරාය හරහා ගෙන්වූ අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා රේගුව විසින් එම මත්කුඩු තොගය සොයා ගැනීමෙන් අනතුරුව මෙම නීතිවිරෝධී ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන පකිස්තානු ජාතිකයකු හා ශ‍්‍රී ලංකාවේ උපන් කැනේඩියානු ජාතිකයකු අත් අඩංගුවට ගනු ලැබීය.
     
    රු.මි. 360ක් පමණ වටිනා මෙම මත්කුඩු ජාවාරම පිළිබඳව අත්අඩංගුවට පත් වී සිටින කැනේඩියානු ජාතිකයා තම රට වෙනුවෙන් රහසිගත මෙහෙයුම්වල නිරත වන ඒජන්තවරයකු යැයි බි‍්‍රතාන්‍ය රජයේ බලධාරීන් ශ‍්‍රී ලංකා බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.
     
    නව දිල්ලි නුවර පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හා බුද්ධි අංශ වෙත මේ පිළිබඳ නියෝජනයක් ඉදිරිපත් කර ඇත. දැනට පවත්වා ඇති විමර්ශනවලට අනුව මෙම කැනේඩියානු ජාතිකයා මෙම මත්කුඩු ජාවාරමට ඍජුවම සම්බන්ධ බව බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගනු ලැබ තිබේ.  ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක බුද්ධි අංශය මෙම කැනේඩියානු ජාතිකයාගේ හා ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කරමින් සිටින බව බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. 
     
    මෙම කැනේඩියානු ජාතිකයා තමන්ගේ රහසිගත ඒජන්තවරයකු යැයි නව දිල්ලි නුවර බි‍්‍රතාන්‍ය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් විසින් කරුණු ඉදිරිපත්  කරනු ලැබ ඇති නමුත් ශ‍්‍රී ලංකාවේ පිහිටි බි‍්‍රතාන්‍ය දුත මණ්ඩලය, විදේශ අමාත්‍යංශය වෙත මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් කර නොමැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya