අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව විවෘත වේ

    සැප්තැම්බර් 02, 2014
    පළමු අදියර යටතේ යකඩ ඇඳන් නිපදවීම පිණිස හොරණ, දොඹගොඩ ඉදිකළ නවතම යුද හමුදා යුද්ධෝපකරණ කර්මාන්ත ශාලාව ඊයේ (01) යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 
     
    යුදු හමුදාපතිවරයා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ උසස් නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් හොරණ දොඹගොඩ යුද්ධෝපකරණ පාසලේ දී සියලු යකඩ හා ලෝහ උපකරණ, වාහන වහල, නිල ඇඳුම් මැසීමේ උපකරණ, ඇඳ ඇතිරිලි, පාවහන්, මුද්‍රණ යන්ත්‍ර ආදිය නිපදවීමේ හැකියාව පිළිබඳ ව සොයා බැලුණි.
     
    කම්හල් ආඥාපති කර්නල් එච්.එල්. ගුරුගේ මහතා යටතේ හමුදා සෙබලුන් 75දෙනෙකු යොදාගනිමින් පළමු අදියර යටතේ පිහිට වු මෙම කම්හල මගින් දිනකට යකඩ ඇඳන් 50 බැගින් නිපදවේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya