අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලා තම්පෝ මහතා අභාවප්‍රාප්ත වේ

    සැප්තැම්බර් 02, 2014
    වාමාංශික ව්‍යාපාරයේ හා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නායකයකු වූ පිලිප්ස් බාලා තම්පෝ මහතා ඊයේ (01) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 
     
    බාලා තම්පෝ මහතා ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ.) නායකයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන රටේ නිදහස වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ අයෙකි.
     
    ඒ මහතාගේ දේහය කොළඹ 03, කොල්ලුපිටියේ සී.එම්.යූ. ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර තබන අතර අවසන් කටයුතු ලබන 05 වැනි දා සිදුකිරීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya