අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සියලු ජනතාවට විදුලිය ලබාදීම ජාතික වගකීමක්

    අගෝස්තු 22, 2014
    රටේ සියලු ජනතාවට විදුලිය ලබාදීම ජාතික වගකීමක් ලෙස සලකා, ඊට අවැසි සියලු ක්‍රියාමාර්ග ගත්තේ, වත්මන් රජය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය. 
     අමාත්‍යවරිය කියා සිටියේ, විදුලිය මානව හිමිකමක් ලෙස සලකා, විදුලිය බෙදාහැරීමේදී පැවති සියලු බාධක ඉවත්කිරීමට විදුලි පනත පවා සංශෝධනය කළ බවය. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, පසුගියදා බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ ප්‍රධාන පෙළ විදුලි යෝජනා ක්‍රම  තුනක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
     

    මෙහිදී අමාත්‍යවරිය විසින් ප්‍රථමයෙන්ම එගොඩ වලේගොඩ, කොවුල්කැටිය විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරන ලදී. මේ සඳහා රජය විසින් වැය කරන ලද මුදල රු.17,500,000කි. මෙමගින් නිවාස 189කට විදුලිය පහසුකම් සැපයේ. හතරබාගේ, නියඳකොළ යාය විදුලි  යෝජනා  ක්‍රමය ජනතා අයිතියට පත්කරන ලද අතර ඒ සඳහා රජය වැයකළ මුදල ර.15,600,000කි. මෙමගින් නිවාස 89ක් සඳහා විදුලිය සැපයේ.  කීනගහඇල්ල විදුලි දිගුව ජනතා අයිතියට පත් කළ අතර එමගින් පවුල්  12කට විදුලිය සැපයේ. මේ සඳහා රජය විසින් වැයකළ මුදල රු. 1,400,000කි. ඒ අනුව මෙම ව්‍යාපෘති තුන සඳහා  රජය වැය කළ මුදල රු. 34,500,000ක් වන අතර ඉන් නිවාස 287 සඳහා විදුලිය හිමි වේ.

     

    විදුලි පනත සංශෝධනය කිරීම හරහා විදුලිය බෙදාහැරීමේදී පැවති බාධක රැසක් ඉවත්කර ගැනීමට හැකිවූ බවත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සියලු නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීම සඳහා, විදුලිය  ලබාගැනීමට ආර්ථික දුෂ්කරතා පවතින නිවාස හිමියන්ට, ඒ සඳහා අවශ්‍යවන මුදල් විදුලිබල මණ්ඩලයෙන් ලබාදී, ඒ මුදල විදුලිබිල සමඟ වසර 6 කින් ගෙවා නිම කිරීමට අවස්ථාව උදාකරදී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

     
    "අතිගරු ජනාධිපතිතුමා මට විදුලිබල අමාත්‍යංශය බාරදීලා, මට ඉලක්කයක් දුන්නා. ගමෙන් බිහිවුණ නායකයෙක් හැටියට, කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවන්ගේ දුක දන්න නායකයෙක් හැටියට, දෙමව්පියන් ඉන්න තැනින්, දරුවන් ඉහළට ගන්න වෙරදරන නායකයෙක් හැටියට, එතුමා මට දුන්න ඉලක්කය තමයි, 2014 අවසන් වෙද්දි ලංකාවේ සෑම ගමකටම විදුලිය දෙන්න කියන එක".දෙමාපියන්ගේ රැකියාව, දරුවටත් උරුම වෙන්න අතිගරු ජනාධිපතිතුමා ඉඩ නොතබන බවත් දරුවන් ව හොඳ තැනකට ගේන්න එතුමා කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය ඊට අවශ්‍ය යටිතල පහසුකම්, මුදල් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.
     

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් අධ්‍යාපන, සංස්කෘතික සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය භානු මුනිප්‍රිය, සබරගමුව පළාත් සභා මන්ත්‍රී සාලිය එල්ලාවල යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya