මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද මධ්‍යස්ථාන අවට ප්‍රචාරක කටයුතු තහනම්

    අගෝස්තු 22, 2014

    තැපැල් ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සහ ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් බවත් යම් ලෙසකින් අනවසරයෙන් යම් ඡායාරූපයක් හෝ දර්ශනයක් ලබා ගෙන ඇත්නම් ඒවා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ විකාශය කිරීමෙන් වළකින ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.


    තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 500ක් ඇතුළත ප‍්‍රචාරක කටයුතු තහනම් වන අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 500ක් ඇතුළත ඡන්දය ආයාචනය කිරීම ඇතුළු ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බැවින් ප‍්‍රචාරක කටයුතු වැළැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුවට බලතල ඇතැයි ද මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි.

     

    ඌව පළාත් සභා තැපැල් ඡන්ද විමසීම ලබන මස 04 සහ 05 යන දෙදින තුළ සිදු කෙරේ. තැපෑලෙන් ඡන්දය දීම නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නියෝජිතයන් ලෙස කි‍්‍රයා කිරීමට අදාළ ආයතනයේ සේවයේ නියුතු කිසිවෙකුටත් අවසර නොදෙන බවද මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. තැපෑලෙන් ඡන්දය දීමේදී දේශපාලන පක්ෂ, බලයලත් නියෝජිත කණ්ඩායම්, ස්වාධීන කණ්ඩායම් නායකයන් වෙත දන්වා ඇති වේලාවට පෙර ආරම්භ නොකළ යුතු බවත් පෙරවරු 8.30ට පෙර ඡන්දය දීමේ කාර්යය ආරම්භ නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

     

    තැපැල් ඡන්දය දෙන මධ්‍යස්ථානය සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස පැවතිය යුතුයි. ඡන්දදායකයාට කිසිදු බියකින් සැකයකින් තොරව රහස්‍ය ලෙස ඡන්දය භාවිත කිරීමට අවකාශ පැවතිය යුතුයි. අවසර ලත් කණ්ඩායම් හැර වෙනත් කිසිවෙකු ඡන්ද මධ්‍යස්ථානය අසල නොසිටිය යුතුයි. තැපෑලෙන් ඡන්දය දෙන ඡන්දදායකයන්ගේ දැන ගැනීම සඳහා නිකුත් කර ඇති සියලුම දැන්වීම් තැපැල් ඡන්දය සලකුණු කරන මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කර තිබිය යුතු බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya