අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන විශේෂ වැඩපිළිවෙළ යටතේ පරිශ‍්‍ර ලක්ෂ 08ක් පරීක්ෂාවට ලක් කරයි

    අගෝස්තු 22, 2014
    ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම යටතේ පසුගිය ජුනි මස 22 සිට මේ දක්වා ඩෙංගු මර්දන විශේෂ වැඩපිළිවෙළක් අරඹනු ලැබීය. ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය ප‍්‍රමුඛව සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු අංශ රැසක දායකත්වය ලැබිණ.
     

    මදුරු ඝනත්වය අවම කිරීමේ අරමුණින් අරඹන ලද මෙම විශේෂ වැඩපිළිවෙළට අනුව සතියකට දින තුනක් බැගින් සතිපතා මෙකී ව්‍යාපෘතිය අදියර 06ක් ක‍්‍රියාත්මක කරනු ලැබීය. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවෙකුගේ ජීවන චක‍්‍රය අනුව සතිපතා ඔවුන්ගේ බෝවීම සිදුවන බැවින් මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහාත් මදුරු ඝනත්වය අවම කිරීම සඳහාත් සතිපතා පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළට ජනතාවගේ දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණ විය. 


    ඒ අනුව ජුනි මස 22 සිට අදියර 06ක දී බස්නාහිර පළාතේ නිවාස ඇතුළු පරිශ‍්‍ර ලක්ෂ 08ක් පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී ඇත. මේ සඳහා පුද්ගලයින් 35000කින් පමණ සමන්විත කණ්ඩායම් 6000ක් පමණ සහභාගී වූහ.


    විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳ පසුගියදා (19) වසංගත රෝග විද්‍යා අංශයේදී පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
     

    ඩෙංගු රෝග අවදානමක් සහිත කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර හා ගාල්ල වැනි දිස්ත‍්‍රික්කවලට මේ දිනවල ඇද හැළෙන වර්ෂාවත් සමඟ නැවතත් මදුරු ඝනත්වය ඉහළ යාමේ අවදානමක් පවතී. එසේ වුවහොත් නැවත වරක් ඩෙංගු රෝගය එම ප‍්‍රදේශවල හිස එසවීමේ අවදානමක් පවතින බැවින් අඩුම තරමින් සතියකට වරක්වත් තම නිවස ඇතුළු පරිශ‍්‍ර මදුරුවන්ගෙන් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.


    මෙම වසරේ ගතවූ මාස 08 තුළ ඩෙංගු රෝගීන් 27,278ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 57.4ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ජුනි මාසයේ සිට ආරම්භ කළ නව මදුරු මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් දක්නට ලැබෙන අතර, මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා මහජනතාවගේ පුළුල් දායකත්වය ලැබිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
     
    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya