අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සීමා කෙරේ

    අප්‍රේල් 05, 2014
    හලාවත දුම්රිය මාර්ගයේ සීදුව සහ කටුනායක අතර දුම්රිය ධාවන කටයුතු අද (05) රාත්‍රී 9.30 සිට හෙට (06) පස්වරු 4.30 දක්වා තාවකාලිකව නවතා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ කොටුව සිට හලාවත දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත දුම්රිය  සීදූව දක්වා පමණක් ගමන් ගන්නා අතර හලාවත සිට පැමිණෙන දුම්රිය මීගමුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
     
    හෙට අලුයම 4.00ට කොළඹ සිට පුත්තලම බලා ධාවනය කෙරෙන දුම්රිය සීදූව දුම්රිය ස්ථානය දක්වා පමණක් වන අතර උදෑසන 07.40ට පුත්තලම බලා ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කොට ඇත. හෙට උදෑසන 09.30ට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය මීගමුව දක්වා පමණක් ධාවනය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya