අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග ඉලක්ක පොත් ප්‍රදර්ශනය මැයි 02 සිට 11 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී

    අප්‍රේල් 04, 2014

    අ.පො.ස. උසස් පෙළ, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කර ගත් පොත් ඇතුළු දෙස් විදෙස් අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය මැයි 02 සිට 11 වැනි දින දක්වා බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රථම විද්‍යා දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විභාගවල පසුගිය ප්‍රශ්න පත්‍ර, ඇගයීම් වාර්තා, ගුරු අත්පොත්, විෂය නිර්දේශ, ඇතුළු දෙස් විදෙස් පොත් සහන මිලට මෙහිදී ලබා ගැනීමට හැකි වන බවයි.

    මෙම පොත් 20%ක වට්ටමක් යටතේ හෝ ඊට වඩා අඩු මිල ගණන් යටතේ ලබාගැනීමට අවස්ථාවට ලැබෙන බවත් මෙම පොත් අධ්‍යයනය කර එහි තිබෙන ප්‍රබලතා, ප්‍රශ්න, උත්තර රටා ක්‍රම හඳුනාගනිමින් ස්වයං අධ්‍යයනයක් කිරීමේ අවස්ථාව සිසුන්ට ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ගම්බඳ පළාත්ව දරුවන් විද්‍යා අංශයට යොමුවීම අවම මට්ටමක තිබෙන අතර එය ඉහළට ගෙන ඒම සඳහා විෂයට ඔරොත්තු දෙන ආකාරයෙන් ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් විභාගයට අදාළ වන පොත් සහනදායී මිලට දරුවන් අතට පත් කොට පෙළපොත්, පසුගිය ප්‍රශ්නපත්‍ර, ඇගයීම් වාර්තා, ගුරු අත්පොත්, විෂය නිර්දේශය ඔස්සේ ප්‍රශ්නපත්‍ර සකස් කිරීම සිදු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත්කිරීම හා ගම්බඳ ප්‍රදේශවල දෙමාපියන්ගේ දරුවන්ටත් දිනපතා පාසලට පැමිණ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව ලබාදීම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණ වී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කටපාඩම් කිරීමේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට සිතනවාට වඩා යමක් සිතිමේ අවස්ථාව නැති වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ක්‍රමය වෙනස් කර වැඩි දෙයක් සිතීමට දරුවන් පුහුණු කළ යුතු බව ද මෙහිදී සඳහන් කළේය.

    NDH/KPM

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya