අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිතය අසමත් සිසුන් වෙනුවෙන් නව චක්‍රලේඛයක් Featured

    ජූලි 31, 2014
    2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය අසමත් සිසුන්ට ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සඳහා කලා, විදේශ භාෂා සහ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවෙන් උසස් පෙළට හැදෑරීමට හැකි ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව මේ අනුමැතිය ලැබී තිබේ. 
     
    විද්‍යා, ගණිතය හා වාණිජ විෂය ධාරාවන් යටතේ උසස් පෙළ හැදෑරීමට මෙම සිසුන්ට අවස්ථාව නොලැබෙන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇතුළත් වීමට පෙර පිට පිට දෙවරකදී එම සිසුන් ගණිතය විෂය සමත් වී තිබිය යුතුය. මේ සිසුන්ට උසස් පෙළ විෂය ධාරාව හැදෑරීමටත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමටත් මේ අනුව අවස්ථාව ලැබෙන අතර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නම් සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්ව තිබිය යුතු වේ.
     
    මේ සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය අසමත් සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් 6ක්, සම්මාන සාමාර්ථ 3ක් ලබා තිබීම ප්‍රමාණවත් වේ.
     
    මෙයට අමතරව ගණිතය විෂයෙන් සිසුන් 20ක් පමණ අසමත් සිසුන් සිටී නම් එම පාසලේ අමතර පන්තියක් පවත්වා ගණිතය විෂය සමත් කරවීමට ද පාසල්වලට උපදෙස් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
     
    බහුවිධ බුද්ධි න්‍යායට අනුව ගණිතය අසමත් දරුවන් වෙනත් ක්ෂේත්‍රවල නිපුණතා දක්වන බවත් ගණිතය අසමත් නොබෙල් ත්‍යාගලාභීන් පවා බිහිවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අ.පො.ස. (සා.පෙළ) ගණිතය අසමත් සිසුන් පාසලෙන් නෙරපා හැරීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    මෙයට අමතරව ගණිතය විෂය අසමත් වීමට හේතුව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ආචාර්ය මහාචාර්යවරුන් 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටු නිර්දේශවලට අනුව ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya