අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝ නොවන රෝග පිළිබඳ දේශීය වෙදකමේ පර්යේෂණ සාර්ථක මට්ටමක

    ජූලි 28, 2014


    බෝ නොවන රෝග පිළිබඳව දේශීය වෛද්‍ය විද්‍යාව හරහා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය මගින් සිදු කරන පර්යේෂණ ඉතා සාර්ථක මට්ටමක පවතින බව එම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    විශේෂයෙන් ම බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ පර්යේෂක කණ්ඩායම්, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට යන විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් මෙන්ම බටහිර වෛද්‍යවරු ඇතුළු විද්වත් මණ්ඩලයකින් සමන්විත මෙම පර්යේෂණ කණ්ඩායම් කණ්ඩායම් පහකින් සමන්විත වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, මෙම පර්යේෂණ වැඩසටහන 2013 වර්ෂයේ ආරම්භ කරන ලද බවයි. ඒ අනුව මෙම පර්යේෂණ 2016 වර්ෂයේ අවසන් කිරීමට නියමිත වේ. දැනට මේ වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් රජයෙන් හිමිවී ඇත. මේ යටතේ බෝ නොවන රෝග ලෙස වකුගඩු රෝගය, දියවැඩියා රෝගය, පිළිකා රෝගය, හෘද රෝග සහ ඩෙංගු රෝග යටතේ පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

    පර්යේෂණ ව්‍යාපෘතියට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු පර්යේෂණාගාර ජාත්‍යන්තර පර්යේෂණයන් සිදු කිරීමට ප්‍රමාණවත් ලෙසින් වැඩිදියුණු කෙරෙන අතර, ඒ ඔස්සේ ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල පර්යේෂණ සිදු කෙරෙන බවත්, ඖෂධ නිෂ්පාදනාගාර මෙන්ම රෝහල් වාට්ටු සංවර්ධනය කිරීම, අලුතින් වෛද්‍යවරු , පර්යේෂකයින් ඇතුළු මෙම ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් කඩිනමින් බඳවා ගැනීම වැනි කටයුතු සිදු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya