අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවි සැප්තැම්බර් 15 සිට යළි මෙහෙයුම් අරඹයි

    ජූලි 28, 2014
    ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ - යාපනය උතුරු දුම්රිය මාර්ගය සැප්තැම්බර් මාසය වන විට යාපනය දක්වා සම්පූර්ණ කෙරෙන අතර කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිසා 30 වසරක් පුරා නැවතී තිබුණු යාපනය දක්වා වූ යාල් දේවි දුම්රිය සේවය ලබන සැප්තැම්බර් 15 දින යළි ඇරඹෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 

    උතුරු දුම්රිය මාර්ගයේ වවුනියාව සිට කන්කසන්තුරය දක්වා කොටස කොටි ත්‍රස්තවාදීන් විසින් තම පාලන කාලයේදී මුළුමනින්ම විනාශ කරන ලදී. දුම්රිය මාර්ගය ගලවාගත් කැරැලිකරුවෝ 

    ඒවා සවිමත් භූගත බංකර නිර්මාණය සඳහා යොදා ගත්හ. ඉන්දියාවේ තාක්ෂණික හා මූල්‍ය සහය යටතේ ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීමේ ජාත්‍යන්තර සමාගම මඟින් අදියර වශයෙන් දුම්රිය මාර්ගය පිළිසකර කර ඇත.

    කොටි ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයන් 34 දෙනෙකු මරණයට පත්කරමින් හා දුම්රිය මාර්ගය විනාශ කරමින් 1985 ජනවාරි 19 දින කොකාවිල්හිදී යාල් දේවි දුම්රිය පුපුරවා හරින ලදී. ප්‍රහාරයේ ප්‍රතිඵල ලෙස උතුරු - දකුණු දුම්රිය ගමන් නැවතිණි.

    2009 මැයි මස යුද්ධය අවසන් වීමෙන් පසු යාල් දේවි 2009 ජූනි 06 වැනි දින තාන්ඩිකුලම් දක්වා ගමන් ඇරඹු අතර 2011 මැයි 29 දින සිට ඕමන්තේ දක්වා දීර්ඝ කෙරිණි. 2013 සැප්තැම්බර් මාසයේදී කිලිනොච්චිය දක්වා සේවා ඇරඹු එය මේ වසරේ මාර්තු මාසයේදී පච්චිලෙයි පලෙයි දක්වා ගමන් වාර ඇරඹූ බව එම අමාත්‍යාංශය පවසයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya