අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මද්‍යසාර හා මත්ද්‍රව්‍ය ගැන කලාපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩමුළුව 25 දක්වා Featured

    ජූලි 23, 2014

    මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා IOGT ජාත්‍යන්තර සංවිධානය එකමුතුවෙන් කොළඹ කිංස්බරි හෝටලයේ පැවැත්වෙන කලාපීය රටවල් 06ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන අධ්‍යයන වැඩමුළුව ලබන 25 දින දක්වා පැවැත්වේ.


    මෙහි සමාරම්භක උත්සවය ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    තායිලන්තය, ලාඕසය, මැලේසියාව, කාම්බෝජය, වියට්නාමය හා මොන්ගෝලියාව යන රටවල පාර්ලිමේන්තු නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අධ්‍යයන වැඩමුළුවේදී එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට පොදුවේ තම රටවල හා අනෙකුත් රටවල මද්‍යසාර, සිගරැට් හෝ අනෙකුත් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිදු කරන මැදිහත්වීම් පිළිබඳ සිය දැනුම මෙන්ම අත්දැකීම් ද බෙදාහදා ගැනීමට ‍අවස්ථාව සැලසේ. ඵලදායී නව ප්‍රතිපත්ති සැකසීම සඳහා අවශය බලගැන්වීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය. තව ද ශ්‍රී ලංකාවේ සිදු වී ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති හා ප්‍රජා මැදිහත්වීම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇත.

    මේ සියලු රටවලින් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අදාළ අමාත්‍යාංශ නිලධාරීන් මෙයට සහභාගි වී සිටිති. සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජරට විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ඇඩික් ආයතනය ආදියෙහි විද්වතුන් පිරිසක් මේ වැඩමුළුව මෙහෙයවනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya