අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයා ගෙදර යැවීමට උත්සාහ කළ අයට මෙවර ඌව පළාත් සභා ඡන්දයේදී නිසි පිළිතුරු

    ජූලි 23, 2014

    රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කොට රාජ්‍ය සේවකයා ගෙදර යැවීමට උත්සාහ කළ අයට මෙවර ඌව පළාත් සභා ඡන්දයේදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇති බව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වලපනේ, පදියපැලැල්ල නගරයේ පිහිටි ලංකා බැංකු ශාඛාව නව ගොඩනැගිල්ලක් කරා ප‍්‍රවිෂ්ඨවීමේ අවස්ථාවට එක් වෙමිනි.

     

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, "රජ දවස සශී‍්‍රකව පැවති රට පරිහානියට පත්වුයේ යටත් විජිතයක් බවට පත්වු පසුවයි. නිදහස ලබාගත්දා සිට බලයට පත් පක්‍ෂ බලයට ඇති කෑදරකම් හේතුවෙන් කුලල්කා ගැනීම නිසා රට තවතවත් ආපස්සට ගමන් කළා. ඉන්පසුව මුහුණ දුන් යුද්ධයේ ආදීනව හේතුවෙන් රට විශාල ණය බරකින් වෙලී සිටියා. එහෙත් අද රට පාලනය කරන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ත‍්‍රස්තවාදය නිමා කොට රට සංවර්ධනය කරා රැගෙන යාමට සමත්වී තිබෙනවා. රට තුළ සිදුවන ශීඝ‍්‍ර සංවර්ධනය හේතුවෙන් සශී‍්‍රක වන රට නැවතත් යටත් විජිතයක් බවට පත්කොට ආපස්සට හැරවීමට ඇතැම් විදෙස් රටවල් කි‍්‍රයාකරමින් සිටිනවා.

    නිදහසින් පසුව රට පාලනය කළ පක්‍ෂ නොයෙකුත් බොරු පොරොන්දු ජනතාවට ලබා දුන්නා. හාල් සේරු දෙක දෙන්නම්, හදෙන් හාල් ගෙනත් දෙන්නම්, පාන් ගෙඩිය 3.50 ට දෙන්නම් යනුවෙන් දුන් පොරොන්දුවලට මුලාවී ඡන්දය දුන් යුගයක්ද අප පසු කළා. බොරු පොරොන්දු යුගය නිමා කොට යථාර්ථවාදී මැතිවරණ ප‍්‍රකාශනයක් ‘‘මහින්ද චින්තන’’ නමින් ජනතාවට හඳුන්වාදුන් එකම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් ප‍්‍රයෝගික වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට රට ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් පවතිනවා."
     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් බහුතරයක් මහ පොලොවත් සමඟ පොරබදමින් ජීවත් වන ජනතාවයි. ගම හදා රට හදන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා හඳුන්වා දුන්නේ එබැවිනි. මේ සුවිශේෂිත්වය හේතුවෙන් රටේ සියලු ක්‍ෂේත‍්‍ර එකවර සංවර්ධනය වීම අද දක්නට ලැබෙනවා. රට ආර්ථික අතින් ශක්තිමත් වෙමින් තිබෙනවා. මේ වන විට ලෝකය ජයගත් බොහෝ ව්‍යාපාරිකයන් ආයෝජන කිරීමට මෙරට පැමිණෙමින් සිටිනවා. මෙය හොඳ ප‍්‍රවණතාවක්. ශීඝ‍්‍ර ලෙස සශී‍්‍රකවන රට නැවතත් යටත් විජිතයක් බවට පත් කොට රට සුරාකෑමකට ඇතැම් බටහිර රටවල් කි‍්‍රයා කරමින් තිබෙනවා. රටේ බුද්ධිමත් ජනතාව මෙය අවබෝධ කොටගත යුතුයි. එබැවින් ඒ සඳහා සියලු දෙනා පෙළ ගැසිය යුතුයි.


    මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන්නේ බැංකු ක්ෂේත්‍ර යයි. එයිනුත් ලංකා බැංකුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එදා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කොට රාජ්‍ය සේවකයා ගෙදර යැවීමට උත්සාහ කළ රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙවර ඌව පළාත් සභා ඡන්දයේදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත."

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya