මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්

    මාර්තු 31, 2014

    බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක් අත්වෙයි. මෙය රජය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි  පවතින ජනතා විශ්වාසය සහ මනාපය යළිත් වරක් තහවුරු කර රටෙහි සාමය ස්ථාපිත කොට රට සංවර්ධනය කිරීමට රජය අරඹා ඇති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය, ඉන් ප්‍රතිලාභ ලබන ජනතාව  අනුමත කර ඊට අඛණ්ඩව සහය දක්වන බව මනාව පෙන්නුම් කිරීමකි.

     

    බස්නාහිර  පළාත් සභාවේ ආසන 56 ක්  එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාව 28 යි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බස්නාහිර  පළාත් සභාවේ ආසන 09 ක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06 ක්ද ලැබී ඇත. ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණට ආසන 02 ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 02 ක්ද, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට එක් ආසනයක්ද ලැබී ඇත.බස්නාහිර පළාත් සභාවේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුනේම වැඩි ආසන සංඛ්‍යාව සහ ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය. සන්ධානයට බස්නාහිර  පළාතේ ඡන්ද 1363675 ක් ලැබිණ.එක්සත් ජාතික පක්ෂයට  ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 679682 කි. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට ඡන්ද 203767 ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 156208 ක් ලැබිණ.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 23 ක්ද. කොළඹ දිස්ත්‍රික්කයෙන් 18 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 13 ක්ද දිනා ඇත.එක්සත් ජාතික පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 10 ක්ද. කොළඹ දිස්ත්‍රික්කයෙන් 12 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 06 ක්ද හිමිවිය.ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 04 ක්ද. කොළඹ දිස්ත්‍රික්කයෙන් 03 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 02 ක්ද දිනා ඇතජනතා විමුක්ති පෙරමුණට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 02 ක්ද. කොළඹ දිස්ත්‍රික්කයෙන් 03 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 01 ක්ද ලැබිණ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් එක් ආසනය බැගින් ලැබී ඇත.සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක්ද හිමිවිය.

     

     එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණු පළාත් සභාවේ ආසන 33 ක් දිනා සිටී. ලැබි ඇති ඡන්ද සංඛ්‍යාව 699408 කි.එක්සත් ජාතික පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාව 14  යි. ඡන්ද සංඛ්‍යාව 310431 යි.ජනතා විමුක්ති පෙරමුණට ආසන 05  ක්ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දකුණු පළාත් සභාවේ ආසන 03 ක් ද ලැබී ඇත. ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 109032 ක්ද ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට ඡන්ද 75532 ක්ද ලැබි ඇත.

     

    දකුණු  පළාත් සභාවේ ගාල්ල ,මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේම වැඩි ආසන සංඛ්‍යාව ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය. එම සන්ධානයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 13  ක් ද ,මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 10 ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන 08 ක් ද හිමිවිය. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 06 ක් ද ,මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 04 ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන 04 ක් ද  ලැබී ඇත.ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 02 ක් ද ,මාතර දිස්ත්‍රික්කයෙන් ආසනය ක් ද  ලැබී ඇත. ජනතා විමුක්ති පෙරමුණට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසනයක් ද ,මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 02 ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන  02 ක් ද හිමිවිය.

     

     බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසුම පැවති  දිස්ත්‍රික්ක 6 හිම තැපැල් ඡන්දවලින්  වැඩි සංඛ්‍යාව  එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ 62 ක් ඉක්මවූ තැපැල් ඡන්ද ප්‍රතිශතයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී ඇත.එක්සත් ජාතික පක්ෂයට හිමි තැපැල් ඡන්ද ප්‍රතිශතය 16 ක් පමණ වෙයි.


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya