අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ජූලි 16, 2014

    ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III වැනි පන්තියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය- 2013(2014) හා රජයේ භාෂා පරිවර්තන සේවයේ I වෙනි පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012 (2014)හි ප්‍රතිඵල පසුගිය 11 වෙනි දින ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 වෙත නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II පන්තියේ "අ" ඛණ්ඩයේ හා II පන්තියේ "ආ" ඛණ්ඩයේ 
    නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (2014)හි ප්‍රතිඵල පසුගිය 11 වෙනි දින ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලේකම්, රාජ්‍ය සේවා කොමිසම් සභාව, බස්නාහිර පළාත/ දකුණු පළාත/ වයඹ පළාත/ මධ්‍යම පළාත/ උතුරු මැද පළාත/ ඌව පළාත/ සබරගමුව පළාත/ නැගෙනහිර පළාත/ උතුරු පළාත වෙත නිකුත් කර ඇත.


    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2013 (2014) හි ප්‍රතිඵලත් එහි ම පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණයේ ප්‍රතිඵලත් පසුගිය 14දා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඇල්විටිගල මාවත, කොළඹ 05 යන ලිපිනය වෙත නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya