මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස පාඩු ලැබූ හේතුව සොයා ගනී

    මාර්තු 27, 2017

    ලංකා සතොස පාඩු ලබන ආයතයක් බවට පත්ව තිබුණේ බිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ බඩු ගබඩාවල ගොඩගසාගෙන වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් නොකර තිබූ නිසා බවත් වෙළෙඳ සැල් සියල්ල ජාලගත නොකරීමෙන් කාර්යක්ෂමතාව අඩුවී තිබූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

    තම අමාත්‍යාංශයට ලංකා සතොස භාරදුන් අවස්ථාවේ දී මෙය ගොඩගැනීමට අපහසු තත්ත්වයක පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට සතොස ලාබ ලබන ආයතනයක් බවට පත් වූ බව ද සඳහන් කළේය.

    මේ වර්ෂය අවසන්වීමට පෙර ලංකාව පුරා සතොස ශාඛා 500ක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවත් හෙට (28) දිනයේ සතොස ශාඛා 50ක් එකවර විවෘත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ලංකා සතොස ශාඛා 500ක් ඇතිකිරීමෙන් පසු ලංකා සතොස ශාඛා බිහිනොකර සමූපකාර ප්‍රාදේශික මට්ටමින් බලයලත් නියෝජිතයන් ඇතිකරමින් මේ රජයේ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය වැඩිදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya