අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් රජයට රු.බි. 3ක්

    මාර්තු 27, 2017

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ කටයුතුවල නියුතු වන අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3ක ආදායමක් රජයට උපයා ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.



    මෙහෙයුම් රාජකාරී ඝණයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන් හට ආරක්ෂිත සාගර කලාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ.

    වර්තමාන විනිමය අනුපාතයන්ට අනුව 2015 නොවැම්බර් මස සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම් මගින් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 3ක් පමණ විශාල අගයක් ගනී. එම මුදල, ප්‍රධාන වශයෙන් ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයන් සිදු කළ නෞකා ගමන් වාර 8170ක් මගින් උපයා ඇත.

    ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, ඉන් උපයනු ලබන ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුව ම බැර කිරීමට කටයුතු කෙරේ.


    ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණ වගකීම් අතර  වේ.    


    තවද මේ වන විට සියලු ම මෙහෙයුම් ම්‍ය්‍යස්ථානයන් හරහා සිදු කළ මුළු ගමන්වාර 8,797ක් මගින් රුපියල් 3,111,250,178.60ක ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya