මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුර්ලභ අභිලේඛනයක් මාතරින් හමුවෙයි

    මාර්තු 26, 2017

    කාවන්තිස්ස මහ රජුගේ දියණියක් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියැවෙන දුර්ලභ අභිලේඛනයක් මාතර තාරකා කොටුවෙන් හමු වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යාත්මක  වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමටත් පුරා විද්‍යා ගවේෂණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු  ලබනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු විසඳීම සඳහා ද මැදිහත් වූ  අමාත්‍යවරයා, පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට ද මේ වනවිට පියවර ගෙන තිබේ

    මෙම වැඩපිළිවෙළ යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රුහුණේ සිදුකළ ගවේෂණ කටයුතුවල දී ඉතා දුර්ලභ අභිලේඛනයක් හමු වී තිබෙනවා. ඒ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ කාවා ආයතනය එක්ව වසර කිහිපයක් පුරා සිදුකරන ලද තිස්සමහාරාමය සර්වෝදය වත්ත කැණීම් ව්‍යාපෘතිය මඟිනුයි.

    රුහුණේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත් පුරා විද්‍යාත්මක සාක්ෂි රැසක් මේ ව්‍යාපෘතිය යටතේ සොයාගෙන ඇති අතර, මෙම අතිශයින් වැදගත් අභිලේඛනය හමු වී ඇත්තේ,  මාතර තාරකා කොටුවේ පුරා විද්‍යා කෞතුකාගාරයේ  පැවති පුරා වස්තු අතරිනුයි. ඉපැරණි පාත්‍රයක බඳ කොටසක් ලෙස හඳුනාගෙන ඇති මෙම පුරාවස්තුවෙහි අය තිෂ  හ ඣිත අ යනුවෙන් අභිලේඛනයක් පවතින අතර, අයතිෂ යන්න කාවන්තිස්ස රජතුමා පිළිබඳ හැඳින්වීම පිණිස යොදාගෙන ඇති බව රුහුණෙන් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මීය ශිලාලේඛන රැසකින් ම තහවුරු වන බවත් ඣිත යන්න දුව යන අදහස මතුකරන බවත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ අදහසයි.

    ඒ අනුව තහවුරු වන්නේ, අයතිෂ හ ඣිත යනු‍ කාවන්තිස්ස රජුගේ දියණියක් ගැන මෙන් ම දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියවෙන්නක් බවයි. දීප වංශයේ 18 වැනි පරිච්ඡේදයෙහි කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධව සටහනක් පවතින අතර, ඔවුන් පසුකාලීනව සසුන්ගත වූ බවද සඳහන් වෙනවා. සාහිත්‍ය මූලාශ්‍රයක සටහන් කරුණක් අභිලේඛන මඟින් තහවුරු වීම දුර්ලභ අවස්ථාවක් වන අතර, මහාවංශයේ පවා කිසිදු සඳහනක් නොමැති කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධ තොරතුරු මේ හරහා අනාවරණය කරගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya