අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ නඩුකාරවරු ගෙනැවිත් උසාවියේ නඩු ඇසීමට රජය කිසිවිටෙක එකඟ වී නැහැ - යෝජනාවකට සහයෝගය ලබා දී නෑ

    මාර්තු 21, 2017

    විදේශ නඩුකාරවරු ගෙනැවිත් උසාවියේ නඩු  ඇසීමට රජය කිසිවිටෙක එකඟ වී නොමැති බවත් එවැනි යෝජනාවකට සහයෝගය ලබාදී නොමැති බවත් එවැනි දෙයකට හවුල් වී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනිව විදේශ නඩුකාරවරු ගෙන්වීම පිළිබඳව ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුව මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ ය.

    මෙහිදී පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා, 2009 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට ශ්‍රි ලංකා රජය හා අනෙකුත් රජයන් එකතු වෙලා, ඉදිරිපත් කළ යෝජනාව යටතේ, එකඟ වුණා, හිටපු ජනාධිපතිතුමාත් හිටපු මහලේකම් බන්කි මූන් මහතගේ ඒකාබද්ධ ප්‍රකාශය අනුව කියා කරන්න. එකාබද්ධ ප්‍රකාශයේ තිබෙනවා, මේ රටේ යුද කාලයේ දී මානව හිමිකම් උල්ලංඝණය වීම් විභාග කළ යුතු කියලා. වගවීම් ගැන විභාග විය යුතුයි කියලා. ලංකා ආණ්ඩුව ඊට එකඟ වුණා කියලා එතන සඳහන් වුණේ.

     

    2014 වසර වනවිට යෝජනාවක් සම්මත කර තිබුණා, මේ පිළිබඳ ක්‍රියා කරලා, මානව හිමිකම් නීතිය යටතේ දඬුවම් කරන්න වුවමනායි කියලා. මෙතන සඳහන් කළේ නෑ, කොයි නීතිය යටතේ ද ක්‍රියා කළේ කියලා.අපි කිසිවිටක රටේ ඒකීයභාවය නැතිකරන්නටවත්  ස්වාධිපත්‍ය නැතිකරන්නවත් විදේශ නඩුකාරවරු ගෙනැල්ලා, උසාවියේ තියලා නඩු අහන්නවත් රජයකිසිවිටක එකඟ වී නැහැ. එහෙම යෝජනාවකට අපි සහයෝගය ලබාදී නෑ. හවුල් වෙලත් නෑ. 19 වන සංශෝධනය සම්මත කරලා, ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කරලා, ජාතික සංහිදියාව ඇති කිරීම ගැන ප්‍රසංශා කර තිබුණා.

     

    රජය මානව හිමිකම් සහ යහපාලනය වෙනුවෙන් ගත් තීරණ පිළිබඳව සුබවාදීව බලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදී ආයතන ශක්තිමත් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රසංශා කළා.සමහර අයට ප්‍රශ්නයක් තිබෙනවා. අල්ලස දූෂණය,බලය අයුතු ලෙස යොදා ගැනීමට විරුද්ධව විමර්ශන කිරීම, ඒ පිළිබඳව නඩු දැමීම ගැන ප්‍රසංශා කළා. පසුගිය කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝය වීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශන ක්‍රියාවලියක් සිදු කිරීමට කටයුතු කිරීම ස්වාධීන විය යුතුයි. අපිට මේ එකක්වත් ප්‍රශ්නයක්

    වෙන්නේ නෑ. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමට උවමනායි කිව්වා. විදේශ නඩුකාරවරු පත් කරන්න යෝජනා කළේ නෑ. ආණ්ඩුව විසින් අධිකරණ යන්ත්‍රණයක් ඇති කරන යෝජනාව පිළිගත්තා. රජයේ යෝජනා පිළිගෙන තිබෙනවා. ව්‍යවස්ථවට අනුකූලව කරන්න. එයින් පිට කරන්න බෑ. අපි කියා තිබෙනවා උපදේශකවරු වුවමනායි  කියලා. ශ්‍රී ලංකා රජයේ ව්‍යයමයට ප්‍රසංශා කරනවා . 2009 පස්සේ ගිය ආණ්ඩුවේ නියෝජිතයෝ එකඟ වුනා නඩු දාන්න කියලා. දැන් බයවෙලා අඩනවා. ජනාධිපතිතුමා සහ මා ප්‍රසිද්ධියේ කියා තිබෙනවා,ශ්‍රී ලංකාව කිසිවිටෙක  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එකතු වෙන්නේ නෑ කියලා. අපි මිශ්‍ර උසාවි ඇති කරන්නේ නෑ. මේ සභාවේ කියනවා ඒ එකක්වත් කරන්නේ නෑ. අපිට මේ ඔක්කොම සුද්ද කරන්න වෙලා. පසුගිය රජය ගත්ත ණයත් සුද්ද කරන්න වෙලා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya